gossip lanka

ක්‍රිකට් පිලට ඕස්ට්‍රේලියාවෙන් දඟ පන්දු පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු තනතුර සඳහා හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක පීටර් ස්ලීප් සලකා බලමින් සිටින බව Sundaytimes වාර්තා කරයි.

ඔහු දෙසතියක පුහුණු සැසියක් සඳහා මැයි 07 වැනිදා මෙරටට පැමිණීමට නියමිත අතර, ඉන් පසුව ඔහු දීර්ඝකාලීනව සේවයෙහි යොදා ගන්නේදැයි තීරණය කරනු ඇත.

පීටර් ස්ලීප්ගේ නම නිර්දේශ කර ඇත්තේ ප්‍රධාන
පුහුණුකරු වන චන්දික හතුරුසිංහයි.

ඔහු මේ වන විට දකුණු ඕස්ට්‍රේලියාවේ ඩැරන් ලීමන් ක්‍රිකට් ඇකඩමියේ දඟ පන්දු පුහුණුකරු ලෙසින් කටයුතු කරයි.

ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 14කට ක්‍රීඩා කොට කඩුළු 31ක් දවාගත් අයෙකි.




gossip lanka