gossip lanka

වී ගොවිතැන නවත්තලා කුඹුරුවලට ‘සෝලා පැනල් ’

කන්තලේදී පැවති ජන හමුවක් අමතමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මෙම අදහස් පල කලේය.

ආණ්ඩුවට තිබෙන්නේ පරාභවයේ ගමනක්. දැන් බලන්න, මේ අය තමන්ගේ ‘ලන්සි පැපොල්’ ප්‍රතිපත්තිය අනුව වී ගොවිතැන නවත්තලා දැන් කුඹුරුවල ‘සෝලා පැනල් ’ ගහන්න හදනවා. ඒ වගේම මහ ලොකු ජයග්‍රහණයක් විදිහට පළාත්
පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කොට්ඨාස ක්‍රමයක් හඳුන්වා දුන්නා. දැන් ඒක අවුල් ජාලාවක් වෙලා. ජවිපෙට හිතවත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක් හදපු මේ ඡන්ද ක්‍රමය නිසා ඇප කැන්සල් වුණු අපේක්ෂකයන් පවා මන්ත්‍රීවරු වෙනවා. ඡන්ද සීයටත් මන්ත්‍රී ධුර ලැබෙනවා. කොට්ඨාස සියල්ල දිනුවත් බෝනස් මන්ත්‍රී ධුර දෙක නැහැ. කොට්ඨාස සියල්ල පැරදුණත් සියල්ල දිනූ කණ්ඩායමක් හා සමාන මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් සමානුපාතිකව ලැබෙනවා.

‘රටට ගැලපෙන මැතිවරණ ක්‍රමයක් හදාගන්න බැරි ආණ්ඩුවක්’

දැන් රාජ්‍ය පරිපාලන ඇමති මේ වගේ ඡන්ද ක්‍රමයක් ගෙනාපු එක ගැන ජනතාවගෙන් සමාව ඉල්ලනවා. ජනාධිපතිවරයාත් දැන් අදාළ පනත සංශෝධනය කරන්න කටයුතු කරනවාලු. එදා මනාප ක්‍රමය යටතේ මන්ත්‍රීකම ගන්නයි මුදල් වියදම් කළේ. කොට්ඨාස ක්‍රමය යටතේ මනාපවලට වියදම් නොකර දිනුවත් සභාපතිකම ගන්න දැන් සල්ලි විසි කරන්න වෙලා තිබෙනවා. එදා පාර්ලිමේන්තුවේ දී දැකපු බල්ටි දැන් ප්‍රාදේශීය සභාව ඇතුළෙත් දැකගන්න පුළුවන්. පළාත් පාලන ආයතන තුළ ස්ථාවර පාලනයක් ගෙන යාම බරපතළ ගැටලුවක් වෙලා තිබෙනවා. මේක අද රටට උවමනා මැතිවරණ ක්‍රමයක් හදාගන්න බැරි ආණ්ඩුවක් බවට පත් වී තිබෙනවා.

‘ජාත්‍යන්තර නීතියේ පිහිටෙන් වෙනම රජයක්’

ඒ වගේම අද ‘අතුරුදහන් කිරීම කියන යුද අපරාධය හෙවත් මානව අපරාධය ශ්‍රි ලංකා ආරක්ෂක හමුදාවන් විසින් සිදු කර ඇත’ කියන මිථ්‍යාව සනාථ කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය මේ ආණ්ඩුව බටහිර බලවතුන්ට හදා දී අවසන්. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවලා, අතුරුදහන් කිරීම්වලින් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය අපේ රටේ නීතියට ඇතුළත් කරලා ආණ්ඩුව ඒ ද්‍රෝහීකම සිදු කරලා ඉවරයි. යම් රටක යම් ජන කොට්ඨාසයක් මානව අපරාධයකට ගොදුරු වී ඇත්නම් ඒ ජන කොට්ඨාසයට වෙනම රාජ්‍යයක් පිහිටුවීමට අවශ්‍ය ඉඩකඩ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඉල්ලා සිටින්න පුළුවන්. දැන් මේ හදන්නේ ‘අතුරුදහන් කිරීම‘ යන මානව අපරාධයට අපේ රණවිරුවන් පිරිසක් හිරේ දමලා, වරදකරුවන් කරලා ජාත්‍යන්තර නීතියේ පිහිටෙන් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් හදා ගන්න.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

gossip lanka