gossip lanka

ක්‍රිකට් නිලවරණය කල් යයි : අතුරු කමිටුවක් එයි ?

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය දින නියමයකින් තොරව කල් දමා ඇතැයි වාර්තා වේ.

නිලවරණය සඳහා වූ නාමයෝජනා බාර දීම අද දින අවසන් වීමට නියමිතව තිබිණි.

කෙසේවුවද, නිලවරණය මෙහෙයවීම සඳහා පත්කළ නිලවරණ කමිටුවට එරෙහිව විරෝධතාවක් විභාග කිරිමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇතැයි ක්‍රීඩා
අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

නිලවරණයේ නීත්‍යානුකූලව බව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා තිබේ.

එහිදී නීතිපතිවරයා පවසා ඇත්තේ නිලවරණ කමිටුව නීත්‍යානුකූල නොවන බවයි.

ක්‍රිකට් නිලවරණය මැයි 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණි.

වත්මන් පාලනයේ ධුර කාලය අවසන්ව ඇති හෙයින් බොහෝ විට අතුරු කමිටුවක් අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පත්කරනු ඇතැයි වාර්තා වෙයි.




gossip lanka