gossip lanka

අගමැතිගේ තුනෙන් දෙක එකෙන් ගිලිහුණු හැටි

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 75 දෙනකු තුනෙන් එකක් ලෙස සැලකෙනවා. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරු 76 දෙනකු ව්ශ්වාසභංගයට පක්ෂව තම ඡන්දය ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයාට පක්ෂව, එනම් විශ්වාසභංගයෝජනාවට විරුද්ධව 122කු ඡන්දය ප්‍රකාශ කළ අතර, 26 දෙනකු ඡන්ද ලබා දීමෙන් වැලකී සිටියා. ඡන්දයෙන් පසුව අග්‍රාමාත්‍යවරයා
විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ 122නාට මෙන්ම ඡන්දය දීමෙන් වැලකී සිටි 26 දෙනාටද තම ස්තූතිය පළ කළා. අගමැතිවරයාගේ මෙම ස්තූතිය හිමි පිරිස කතානායකවරයාද ඇතුළුව 148කි. අගමැතිවරයාද එක්ව ගත්කල එම පිරිස 149කි.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලෙස සැලකෙන්නේ මන්ත්‍රීවරුන් 150ක් බැවින් විශ්වාසභංගයට ඍජුවම හෝ වක්‍රව (නොපැමිනීමෙන්) විරුද්ධ වූ මන්ත්‍රීවරුන් පිරිස තුනෙන් දෙකට එකක් අඩු මන්ත්‍රී සංඛ්‍යාවක් වනවා.


gossip lanka