gossip lanka

ගෑස් 275කින්, කිරිපිටි 100කින් වැඩි කරන්න ඉල්ලයි.. තීරණය ජනපති අතේ

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245කින් හා කිරිපිටි කිලෝවක මිල රුපියල් 75 කින් වැඩි වීමට ඉඩ ඇතැයි පැවසේ.

ලෝක වෙළදපළේ කිරිපිටි හා ගෑස් මිල වැඩිවී තිබීමේ හේතුවෙන් මෙරට කිරිපිටි සහ ගෑස් සමාගම් මිල වැඩිකිරීම සදහා ජීවන වියදම් කමිටුවෙන් සහ
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර ඉල්ලා තිබිණි.

ඒ අනුව කිරිපිටි කිලෝවක මිල රුපියල් 100කින් හා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 275කින් වැඩි කිරීමට අවසර ඉල්ලා ඇත.

දැනට ලන්ඩනයේ සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණි පසු මේ පිළිබදව තීරණයක් ගැනීමට නියමිත බවද පැවසේ.

gossip lanka