gossip lanka

දඹානේ තුවක්කු කම්හලක් වටලයි

මහියංගණ දඹාන, වෙල්පල්ලේවෙල ගම්මානයේ බෙහෙත් කොටන තුවක්‌කු නිෂ්පාදන කම්හලක්‌ වටලා එහි නිෂ්පාදනය කරන ලද බෙහෙත් කොටන තුවක්‌කු හා භාණ්‌ඩ රැසක්‌ සැකකරුවකු සමඟ පසුගියදා අත්අඩංගුවට ගෙන ඇත.

මෙහි නිෂ්පාදනය කරන තුවක්‌කුවක්‌ රුපියල් 25000 කට අලෙවි කළ බව සැකකරු පිළිගෙන ඇති අතර දීර්ඝ කලක සිට ඔහු එම කටයුතු සිදු කර තිබේ.

 අලෙවි කරන ලද බෙහෙත් කොටන තුවක්‌කු පිළිබඳ
තොරතුරු සෙවීම මේ වනවිට ආරම්භ කර ඇත. මෙහි තිබී බෙහෙත් කොටන තුවක්‌කුවක්‌, යකඩ බට 03 ක්‌, යකඩ කපන කියතක්‌, ලී කපන කියතක්‌, නියන් 02 ක්‌, පීරි 02 ක්‌, බුරුමයක්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු හා නඩු භාණ්‌ඩ මහියංගණ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට මහියංගණ පොලිසියට භාර දී ඇත.

පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාගේ සංකල්පයකට අනුව අප්‍රේල් 01 වැනි දින සිට ආරම්භ කරනු ලැබූ සංවිධානාත්මක අපරාධ හා නීතිය බලගැන්වීමේ නව ඒකකයේ බදුල්ල ශාඛාව මගින් මෙම වැටලීම් සිදු කර ඇත.

gossip lanka