අධීකරණයට හෙරෝයින් ගෙන ආ කාන්තාවක් අත්අඩංගුවට

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට හෙරොයින් රැගෙන ආ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇ.ති බව වාර්තාවේ.

අද (02) දහවල් අත්අඩංගුවට ගත් 33 හැවිරිදි මෙම කාන්තාව සතුව  හෙරොයින් ග්‍රෑම් 4 ක් තිබී ඇත.

ඇය රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, තම පියාගේ නඩුවකට සහභාගි වීම සඳහා
මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.