gossip lanka

අනූෂාට බොක්සිං පදක්කමක් !

ශ්‍රී ලංකාවේ අනූෂා කොඩිතුවක්කු 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 45 – 48 කාන්තා බොක්සිං තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා ය.

ඒ, අද (11) පැවැති අවසන් පූර්ව තරගයේදී ඔලිම්පික් ලෝකඩ පදක්කම් ලාභී වෘත්තීමය බොක්සිං ක්‍රීඩිකා
මේරි කොම් සමග පැවැති තරගයේදී ය.

වැඩි දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ මේරී කොම් තරගයේ ජය තහවුරු කර ගත්තා ය.

බොක්සිං තරගවල තුන්වන ස්ථානය සඳහා තරගයක් නොපැවැත්වීම හේතුවෙන් අවසන් පූර්ව වටයේදී පරාජය වන ක්‍රීඩකයින් හා ක්‍රීඩිකාවන්ට ලෝකඩ පදක්කම හිමි වේ.

අනූෂා කොඩිතුවක්කු අවසන් පූර්ව වටයේදී පරාජය වුව ද ඇයට ලෝකඩ පදක්කම හිමි වනු ඇති.

ඒ අනුව අනූෂා කොඩිතුවක්කු වාර්තා අතරට එක් වන්නේ, 1950 වසරෙන් පසු මෙරට බොක්සිං ක්‍රිඩිකාවක් ශ්‍රී ලංකාවට පළමු වරට පදක්කමක් දිනා ගැනීමට සමත් වූ ක්‍රීඩිකාව ලෙස යි.


gossip lanka