gossip lanka

සමාජ ජාල මගින් බොරු පැතිරූ සිසුවා රිමාන්ඩ්

හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවේදී ජාතීන් අතර සංහිඳියාව බිඳදැමීමේ අරමුණින් සමාජ ජාල මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළේ යැයි කියන පාසැල් සිසුවා ලබන 26 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා අද (12) නියෝග කළේය.

මෙම චෝදනාවට සිසුවා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් විසින් ඇප ඉල්ලා තිබු අතර අදාළ සිද්ධියට මෙම අධිකරණයෙන් ඇප ලබා දිය
නොහැකි බව සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා සිසුවාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.




gossip lanka