gossip lanka

අගමැතිගේ යන්ත්‍රය ගාල්ලම රත්කරයි

පසුගියදා ගාල්ල මහ නගර සභා පරිශ්‍රයේදී විවෘත කරන ලද පොලිතීන් ප්ලාස්‌ටික්‌ දාහක යන්ත්‍රය සමස්‌ත පරිසර පද්ධතියටම මෙන්ම මනුෂ්‍ය ජීවිතවලටද අහිතකර අන්දමින් බලපාන බව ගාල්ලේ ප්‍රජා හා පරිසර ආරක්‍ෂක සංගමය මගින් එම යන්ත්‍රය විවෘත කිරීමේ අවස්‌ථාවට පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක්‌ යවමින් දන්වා ඇත.

එහි දක්වා ඇත්තේ අගමැතිතුමා විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව
විශාල වියදමක්‌ දරා සවි කරන ලද මෙම යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම නිසා ගාල්ල නගරයට මෙන්ම ඓතිහාසික කොටු පවුරේ පැරණි බදාමයට පවා හානියක්‌ සිදුවන බවයි. ඉතාමත් ජනාකීර්ණ නගරයකට මෙවැනි අධික උෂ්ණත්වයක්‌ යටතේ ක්‍රියාත්මක කෙරෙන යන්ත්‍රයක්‌ සවි කිරීම අනතුරුදායක බවත් නගර සභා පරිශ්‍රයේ යන්ත්‍රය සවි කිරීම කිසිසේත්ම සුදුසු නැති බවත් එහි සඳහන් කර ඇත.

පිළිගත් තාක්‍ෂණික කමිටුවක නිර්දේශයක්‌ නොමැතිව මධ්‍යම පරිසර අධිකාරියටද නොදන්වා මෙවැනි අධි බලැති තාපයක්‌ මගින් ක්‍රියාත්මක කෙරෙන යන්ත්‍රයක්‌ ගාල්ල නගරයේ ක්‍රියාත්මක කිරීම ජන ජීවිතයට තර්ජනයක්ව ඇත.

මේ යන්ත්‍රය පිළිබඳව ගාල්ල නාගරික කොමසාරිස්‌වරියගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ ඒ පිළිබඳව පරිසර අධිකාරියෙන් වාර්තාවක්‌ ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි.



gossip lanka