gossip lanka

කුණු ප්‍රශ්නයට ආරක්ෂක අංශවල සහාය පතයි

අක්‍රමවත්ව කසළ බැහැර කරන පුද්ගලයන් අල්ලා ගැනීමට කොළඹ නගර සභාව පොලීසියේ සහ හමුදාවේ සහය ඉල්ලා තිබේ.

අද සිට වෙන් නොකරන ලද කසළ එකතු කිරීමෙන් වළකින බව, කොළඹ මහනගර සභාව දැනුම් දී ඇත.

ක්‍රමානුකූලව වෙන් කරන ලද කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් නැති බවත්, ඒවා කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන
අංගනවලට හෝ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිවලට යොමු කෙරේ.

සාර්ථක කසළ කළමනාකරණයක් සිදු කිරීමට නම්, ජනතාවගේ ආකල්පමය වෙනසක් අවශ්‍ය බව කොළඹ මහනගර සභාවේ වැඩබලන නාගරික කොමසාරිස් ලලිත් වික්‍රමරත්න මහතා කියාසිටියේය.

වෙන් නොකරන කසළ සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පවතින බවත් පසුගිය දින කිහිපය තුළ මරදාන, මාලිගාවත්ත, බොරැල්ල, දෙමටගොඩ සහ කොම්පඤ්ඤවීදිය ආශ්‍රිත ප්‍රදේශවල කසළ එක්රැස්වී තිබූ බවත් නාගරික කොමසාරිස්වරයා සදහන්කර සිටියි.

එම ප්‍රදේශවල ජනතාව කසළ නිවැරදිව බැහැර නොකරන බවත් එයට හේතුව ජනතාවගේ නොදැනුවත් භාවය නොව, ඒ සඳහා අවශ්‍යතාවක් නොමැතිවීම බවත් හෙතෙම කියා සිටියි. එම නිසා, ඒවායේ අයහපත් ප්‍රතිඵල ජනතාවට අත්විඳීමට සිදුව ඇති බව නාගරික කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියි.

අක්‍රමවත්ව කසළ බැහැර කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ලලිත් වික්‍රමරත්න මහතා අවධාරණයකර සිටියි.

gossip lanka