gossip lanka

බෝට්ටුවක් පෙරළීමෙන් පස්දෙනෙකු මරුට

නිලාවේලි පෙරියකුලම් වැවේ බෝට්ටුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ.

මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අද පෙරවරුවේ පුද්ගලයින් 6 දෙනෙකු පෙරියකුලම් වැවේ නෙළුම් කොළ කැඩීම සඳහා ගොස් ඇති අතර එහිදී ඔවුන් රැගත් බෝට්ටුව පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබේ.


එහිදී එක් තරුණයෙකු දිවි බේරාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේය.

මියගිය පිරිස පෙරියකුලම් ප්‍රදේශයේ ම පදිංචිකරුවන් වන අතර නිලාවේලි පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
gossip lanka