gossip lanka

බිලියන 20ක හිඟ බදු එකතු කිරීම අනතුරක !

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිඟ බදු එකතු කිරීම අක්‍රමවත්වීම හේතුවෙන් රුපියල් බිලියන 20ක පමණ හිඟ බදු ප්‍රමාණයක් අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

එම දෙපාර්තමේන්තුවේ මීළඟ කොමසාරිස් ජනරාල් වීමට සිටින තැනැත්තා විසින් පසුගිය කාලයේ කොමසාරිස්වරු 20ක් පමණ යටතේ ක්‍රියාත්මක වූ
අංශ 20ක වැඩ දෙදෙනෙකුට පැවරීම හේතුවෙන් මේ තත්ත්වය ඇතිවී ඇතැයිද පැවසේ.

වසර 2010 ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ එකතුවී ඇති හිඟ බදු එකතු කළ යුතුව ඇති බවද එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අක්‍රමවත් බව නිසා බදු ගෙවන්නාට අහිමි ආපසු ගෙවීම් පවා අනවශ්‍ය ලෙසින් මුද්‍රණය වී තැපැල් වෙමින් පවතින බවද පැවසේ.

එවැනි වරදක් නිවැරදි කරගත හැක්කේ එවැනි ආපසු ගෙවීමක් බදු ගෙවන්නා විසින්ම හදුනා ගෙන තමාට හිමි නොමැති බවට දැන්වීමක් කළ හොත් පමණක් බව පැවසේ.

නැතිනම් මෙවැනි ආපසු ගෙවීමක් ආයතනයක් විසින් ගිණුම් ගත කළ පසුව එහි නිවැරදි බව ඔප්පු වන අවස්ථාව වන විට (වසර ගණනකට පසු ) එම ආයතන වසා දමා තිබීමට ද ඉඩ කඩ ඇති බව ආදායම් බදු ප්‍රවීණයෝ කියා සිටිති.

Ramis අවුල !

බදු නොගෙවූ මහ හොරු ඇල්ලීමට සිංගප්පූරුවේ යොදාගත් ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (Revenue Administration Management Information System (RAMIS) නිසි අයුරින් ක්‍රියාත්මක නොවන බවද මේ අතර වාර්තා වේ.

අදාළ පද්ධතිය සඳහා රුපියල් බිලියන 9කට ආසන්න මුදලක් රජය විසින් වැයකර තිබේ.

RAMIS අකාර්යකෂමතාවය නිසා නියමිත වේලාවට 2015-2016 තක්සේරු වසරට අයත් ආදායම් බදු වාර්තා 2018 මැයි 30 වැනිදා වන විට කාල කඩයිමට හසුවීමට නියමිත බවද පැවසේ.

එවිට එම වාර්තා කිසිදු විගණනයකින් තොරව පිළිගත යුතුව ඇතැයි ද වාර්තා වේ.

RAMIS පද්ධතියේ දුර්වලතා නිසා මේ වන විට නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් වරයකුගේ මූලිකත්වයෙන් කිසිදු විනිවිද භාවයකින් තොරව අතරින් පතර තෝරා ගන්නා ලිපි ගොනු පමනත් අදාල අංශ වෙතට ලබා දී විගනනය කරන ලෙසට උපදෙස් දී ඇති බවද එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එම ලිපි ගොනු ප්‍රමාණය සංඛ්‍යාත්මකව ප්‍රමානවත් නොවන නිසා බලදාරීන්ට ද තමන්ට සුදුසු යැයි හැගෙන ලිපි ගොනු තෝරා අදාල අනුමැතිය ලබා ගෙන විගනනය කරන ලෙසට උපදෙස් ලබා දී ඇත.

මෙසේ වීම තුළ කාගෙ කාගෙත් තෝරු මෝරු හිතවතුන්ගේ ලිපි ගොනු විගනනය වීම යටපත් වී කිසිම වටිනාකමක් නැති හාල්මැස්සන්ගේ ලිපි ගොනු කිහිපයක් පෙනුමට විගනනයට ලක් වී 2015 -2016 තක්සේරු වර්ෂය සඳහා විගනකාධිපති දෙපාර්තමේන්තුවෙන් එල්ල වන බලපෑම යටපත් කර ගැනීමට පැලැස්තර දමන්නේ ද ඉහත කී නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයාම විසින් බවද පැවසේ.

එම තත්ත්වය හේතුවෙන් 2015-2016 සහ 2016-2017 තක්සේරු වර්ෂවල ප්‍රකාෂිත බදුවලට අදාළ තක්සේරු දැන්වීම් නිකුත් නොවීම හේතුවෙන් බදු ගෙවන්නන් එවා ගෙවීම මඟහරිමින් සිටින බවද වාර්තා වේ.



gossip lanka