gossip lanka

ලංකාවේ ජාතික පක්‌ෂියා මැරූ පුද්ගලයාට රු 20000ක්‌ දඩ

ශ්‍රී ලංකාවේ ජාතික පක්‌ෂියා මෙන්ම ආරක්‌ෂිත සතෙකුද වන වළිකුකුළකු මරා උගේ මස්‌ ළඟ තබාගෙන සිටි පුද්ගලයකු රුපියල් 20,000 ක දඩයකට යටත් කිරීමට රත්නපුර අතිරේක මහෙස්‌ත්‍රාත් ටීෂානි තේනබදු මහත්මිය නියෝග කළාය. විත්තිකරු පලනියන්ඩ් සත්‍යශීලන් නමැති ශ්‍රී පලාබද්දල පදිංචි අයකු වේ. ඔහු චෝදනාවට වරදකරු බව ප්‍රකාශ කළ පසු දඩය නියම කරනු ලැබිණි. විත්තිකරු සතුව තිබී වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ
මරන ලද වළිකුකුළාගේ හිස සහ පිසූ මස්‌ කිලෝ ග්‍රෑම් 1 යි ග්‍රෑම් 500 ක්‌ විනාශ කරන ලෙසට මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කළාය.


gossip lanka