gossip lanka

අගමැති සහ මහබැංකු අධිපති සිංගප්පූරු යයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතය.

ඒ කොළඹ කොටස් වෙළදපොල විසින් සංවිධානය කරන “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා“ සමුළුවට සහභාගී වීම සදහායි.

අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ ශ්‍රී ලංකා සිංගප්පූරු
නිදහස් වෙළද ගිවිසුම අත්සන් කිරීමෙන් ඇතිවූ නව සබදතා ඔස්සෙ ශ්‍රී ලංකාවට වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමට මෙම සමුළුව ඉවහල්වනු ඇති බවයි.

gossip lanka