පළාත් සභා සීමා නිර්ණ වාර්තාව ළඟදීම පාර්ලිමේන්තුවට !

පළාත් සභා මැතිවරණයට අදාළ මැතිවරණ සීමානිර්ණ කමිටු වාර්තා පාර්ලිමේන්තුවට යොමුකරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යය ලේකම් කමල් පද්මසිරි මහතා පැවසීය.

කමිටු වාර්තාව පසුගිය සඳුදා අමාත්‍යංශය ලබාදුන් බවත් ඒ අනුව පාර්ලිමේන්තුව යොමුකරන බව හෙතෙම සඳහන් කළේය.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර
අඩුපාඩු සකසා ජනතාවගේ අදහස්ද ගෙන අදාළ සීමා නිර්ණ කටයුතු නිමාකරන බව ලේකම්වරයා කියා සිටියේය.