එඩ්වඩ් කුමරු සහ සොෆී කුමරිය දළදා සමිඳුන් වැඳ පුදා ගනිති

දිවයිනට පැමිණ සිටින බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයින් වන වෙසෙක්ස්හි අදිපාදවරයා හෙවත් එඩ්වඩ් කුමරු සහ සොෆී කුමරිය අද ඵෙතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳ පුදා ගත්හ.

වෙසෙක්ස්හි අදිපාදවරයා හෙවත් එඩ්වඩ් කුමරු සහ සොෆී කුමරිය මෙරටට පැමිණියේ 70 වන නිදහස් සමරු උළෙලට සහභාගී වීම සඳහා ය.

ඔවුන් අද පස්වරුවේ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වනු ඇති.