gossip lanka

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයන්ගේ මතය

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් රාජකාරී අත්හිටවනු ලැබූ බි‍්‍රතාන්‍යයේ ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනියුක්ත බි‍්‍රගේඩියර් පි‍්‍රයංකර ප‍්‍රනාන්දු නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් එරට වෙසෙන ශි‍්‍ර ලාංකිකයන් ජනාධිපතිරවයාට සිය ප‍්‍රශංසාව පළ කරනවා.

මෙම නිලධාරියාගේ රාජකාරි අත්හිටුවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය
කටයුතු කළේ ඉකුත් දා පැවැති එල්. ටී. ටී. ඊ. හිතවාදීන්ගේ උද්ඝෝෂණයකදී ඔහු කි‍්‍රයා කළ ආකාරය පාදක කර ගනිමින්.

උද්ඝෝෂකයන් වෙත සිය නිල ඇඳුමේ සවි කර තිබූ සිංහ ධජයක් පෙන්වා පසුව සිය ගෙල වටා ඇඟිලි දෙකක් යවා ඔහු කළ අභිනයක වීඩියෝවක් අන්තර්ජාලය හරහා ප‍්‍රසිද්ධ වුණා. විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම නිලධාරියාගේ රාජකාරි අත්හිටුවීමට කටයුතු කළේ ඉන් අනතුරුවයි.

කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අදාළ නියෝගය බල රහිත කරමින් බි‍්‍රගේඩියර් පි‍්‍රයංකර ප‍්‍රනාන්දු  නැවත සේවයේ පිහිටුවීමට ජනාධිපතිවරයා ඊයේ (07) නියෝග කළා.


gossip lanka