gossip lanka

70 වැනි නිදහස්‌ දින ජාතික සැමරුම ගාලුමුවදොරදී

ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස්‌ දින උත්සවය හෙට (04) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේදී මහත් අභිමානවත් ලෙස සැමරීමට නියමිතය.

මෙවර නිදහස්‌ දින උත්සවයේ සම්භාවනීය අමුත්තා ලෙස සහභාගී
වන්නේ බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු සහ ටෙසෙක්‌ස්‌ ආර්යාවයි. යුද හමුදා බළකා 24 ක්‌ මෙවර ආචාර පෙළපාලියට සහභාගි වන අතර ඊට නිලධාරීන් 150 ක්‌ සහ සෙබළු 3500 ක්‌ එක්‌වෙති.

මේ හැර ගුවන් හමුදා නිලධාරීන් 40 ක්‌ ද ගුවන් භටයන් 800 ක්‌ සහ නාවික හමුදා නිලධාරීන් 30 ක්‌ හා නැවියන් 1200 ක්‌ ද ආචාර පෙළපාලියට සහභාගි වේ.

ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් හා භටයන් 961 ක්‌ ද නිදහස්‌ දින උත්සවයට සහභාගී වනු ඇත.

මෙවර නිදහස්‌ දින උත්සවයට කොළඹ බාලිකා පාසල් 10 කට අයත් සිසුවියන් 102 ක්‌ ද සම්බන්ධ වේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතිය ඇමැතීම පෙරවරු 9.13 ට සිදු කෙරෙයි.

70 වැනි නිදහස්‌ දින සැමරුමට රටවල් 112 ක විදේශ තානාපතිවරු සහභාගී වේ.





gossip lanka