gossip lanka

විස්සයි විස්ස තරගාවලියේදී ප්‍රබල පිතිකරුවෙක් ශ්‍රී ලංකාවට අහිමි වෙයි

ශ්‍රී ලංකා - බංග්ලාදේශය විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සුපිරි පිතිකරු කුසල් ජනිත් පෙරේරාට අහිමි වී තිබෙනවා.

ඒ ඔහුගේ අබාධය තවමත් සුව නොවීමත් සමග විවේක ගන්නා ලෙස වෛද්‍යවරු උපදෙස් දීම නිසයි.

තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියට නම් කල
15දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට කුසල් නම් කර තිබුනා.

නමුත් ඔහුගේ ඉවත්වීමත් සමග ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට කුසල් මෙන්ඩිස් කැදවා තිබෙනවා.

දෙරට අතර  විස්සයිවිස්ස තරගාවලිය හෙට අරම්භවීමට නියමතයි.


gossip lanka