gossip lanka

හලාවත පොදු වැසිකිළියකට ප්‍රහාරයක් (photos)

හලාවත නගරයේ පිහිටි පොදු වැසිකිළියට කඩා වැදී ඇති තිදෙනෙකු එම ස්ථානයේ රාජකාරියේ නිරත වෙමින් සිටි සේවකයින් දෙදෙනෙකුට පහර දී ඔවුන් අත තිබූ මුදල් කොල්ලකා දේපල වලටද අලාභ හානි කර පලා ගොස් තිබේ.

පසුගිය 11 වැනිදා සවස මෙම සිද්ධිය සිදුවී ඇත.

හලාවත ලංගම බස් නැවතුම්පල අසල පිහිටි මෙම පොදු වැසිකිළිය
හලාවත නගර සභාව විසින් පවත්වා ගෙන යන එකකි. එම ස්ථානයේ සේවය කරනු ලබන්නේ හලාවත නගර සභාවේ සේවකයින්ය.

සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

ජූඩ් සමන්ත - පුත්තලම වාර්තාකරු

gossip lanka