gossip lanka

මහ මුහුදේ පාවෙමින් තිබූ බෝතලයේ දියරය පානය කළ ධීවරයා මරුට

නාවික සැතපුම් 12 ක් පමණ දුර මුහුදේ පාවෙමින් තිබූ කිසියම් බෝතලයක් රැගෙන පානය කළ ධීවරයෙකු මියගොස් තිබෙනවා.

ඉකුත් 11 වැනිදා ගාල්ල ධීවර වරායෙන් බහුදින ධීවර යාත්‍රාවක ධීවර රැකියාව සඳහා පිටත්ව ගිය ධීවරයින් 07 දෙනෙකුගෙන් එක් අයෙකු මෙම ක්‍රියාවේ නිරත වී තිබෙනවා.

ඊයේ (24) සිදු කර ඇති මෙම ක්‍රියාවෙන් පසු නාවික
හමුදාවට අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ ධීවරයා පිළිබඳව දැනුම් දී තිබූ අතර එහිදී නාවික හමුදාවේ ඩෝරා යාත්‍රාවක් මගින් නාවික සැතපුම් 12ක් ඈත සිටි මෙම අසනීප වී සිටි ධීවරයා රැගෙන විත් තිබුණා. ඒ තවත් ධීවරයින් තිදෙනෙකුද සමගින්.

පසුව ඔහුව කඩිනමින් කරාපිටිය රෝහල ඇතුළත් කිරීමට කටයුතු කරත් එහිදී ජීවිතක්ෂයට පත්ව තිබුණා.

වයස අවුරුදු 30ක් පමණ වූ මෙම ධීවරයා මාගෙදර යක්කලමුල්ල ලිපිනයේ පදිංචි ගයාන් මධුශංක නැමැති අයෙක්. මරණ පරීක්ෂණය අද (25) දින සිදු කිරීමට නියමිතයි.


gossip lanka