gossip lanka

අර්ජුන් මහේන්ද්‍රන්ට අධිවේගී නොතීසියක්..

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට ලබන 08 වැනිදාට පෙර දිවයිනට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස දන්වා ඊයේ නොතිසි නිකුත් කෙරිණි.

කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළේ, එම
නොතීසිය අධිවේගී තැපෑල සහ කුරිය සේවාව හරහා අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙත යොමු කරන ලෙස ය.

මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව අර්ජුන මහේන්ද්‍රන් මහතා පෙරේදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා හමුවේ ප්‍රකාශයක් ලබා දීමට නියමිතව තිබුණි.

නමුත් ඔහු එම ප්‍රකාශය ලබා දීම සඳහා දිවයිනට පැමිණියේ නැත.

gossip lanka