gossip lanka

අර්ජුන් මහේන්ද්‍රන්ට දුන් කාලය අදින් අවසන්

ප‍්‍රශ්ණගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින හිිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ දක්වා ශී‍්‍ර ලංකාවට පැමිණ නොමැති බව  වාර්තා වනවා.

ඒ, අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
වෙත ප‍්‍රකාශයක් ලබාදෙන්නැයි ඔහුට අධිකරණය විසින් නියෝගයක්ද කර තිබියදීයි.

අද (15) දිනට පෙර එම ප‍්‍රකාශය ලබා දෙන්නැයි කොළඹ කොටුව මහේ්ස්ත‍්‍රාත් අධිකරණය අර්ජුන් මහේන්ද්‍රන්ට ඉකුත් 5 වැනිදා නියෝග කළා.

කෙසේ වෙතත් අර්ජුන් මහේන්ද්‍රන් මේ වනවිටත් සිංගප්පූරුවේ රැඳී සිටින බවයි වාර්තා වුණේ.

ප‍්‍රශ්ණගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පර්පචුවෙල් ටෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර අත්අඩංගුවට ගැනුනා. ඔවුන් මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා.

gossip lanka