gossip lanka

හතුරු වැඩ අරඹයි, ශ්‍රී ලංකාව බංග්ලාදේශයට අමතක නොවන පාඩමක් උගන්වමින් අවසන් තරඟයට පිවිසෙයි

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරඟය කඩුලු 10කින් ජයගන්නට ශ්‍රී ලංකාව මීට ස්වල්ප වෙලාවකට පෙර සමත් වුනා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් බංගලාදේශය පන්දුවාර 24කදී ලකුණු
82 කට දැවී ගියා.

මුෂ්ෆිකර් රහීම් ලකුණු 26.

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලු 3ක් දවගත්තා.

මීට අමතරව තිසර, සඳකැන් සහ චමීර කඩුලු 2ක බැගින් දවගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකාව පන්දුවාර 11.5 කදී ලකුණු 83 ක් ලබාගනිමින් තරගය පහසුවෙන් ජයගත්තා.

උපුල් තරංග නොදැවී ලකුණු 39 යි.

ධනුෂ්ක ගුණතිලක නොදැවී ලකුණු 35 යි.

මේ අනුව ශ්‍රී ලංකාව තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර එහිදී බංග්ලාදේශය යලි මුණ ගැසීමට නියමිතයි.

gossip lanka