gossip lanka

සීෂෙල්ස්‌ දූපත ළඟදී ශ්‍රී ලාංකික ධීවරයෝ අත්අඩංගුවට

සීෂෙල්ස්‌ දූපත අසල මුහුදේ ධීවර කටයුතුවල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයන් අටදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්‌ෂිත බන්ධනාගාරගත කර ඇත.

මොවුන්ට එරෙහිව නඩු විභාගය ජනවාරි 19දා ආරම්භ වන බව සීෂෙල්ස්‌ මාධ්‍ය හෙළිකර තිබේ. සීෂෙල්ස්‌හි ඩෙනිස්‌ දූපත සමීපයේදී මොවුන්
අත්අඩංගුවට ගෙන ඇත්තේ එරට වෙරළාරක්‌ෂක යාත්‍රාවක්‌ බව සීෂෙල්ස්‌ ධීවර බලධාරීහු පවසති.

මෙයට පෙරද ශ්‍රි ලංකා ට්‍රොලර් යාත්‍රාවක්‌ අත්අඩංගුවට ගෙන තිබේ.

- කීර්ති වර්ණකුලසූරිය


gossip lanka