gossip lanka

ප්‍රබලයෙක් පක්ෂය හැර යන කතාවක් නිසා පොහොට්ටුවේ අභ්‍යන්තර හමුවක් උණුසුම් වෙයි

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ඊයේ (23) පැවති අභ්‍යන්තර රැස්වීමක් උණුසුම් ස්වභාවයක් ගෙන තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන දැඩි විවේචනය කරමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්.සී මුතුකුමාරණ කරන ලද ප‍්‍රකාශයක් හේතුවෙන්. බන්දුල ගුණවර්ධන
මන්තී‍්‍රවරයා පක්‍ෂ මාරුවකට සූදානම් වන බව මන්තී‍්‍ර එස් සී මුතුකුමාරණ ප‍්‍රකාශ කර තිබෙනවා.

බන්දුල ගුණවර්ධන මන්තී‍්‍රවරයා ජනාධිපතිවරයා විවේචනය කිරීමද දැන් සිදුනොකරන බවටයි මන්තී‍්‍ර එස්.සී මුතුකුමාරණ චෝදනා කර ඇත්තේ. කෙසේවෙතත් එම චෝදනා ප‍්‍රතික්‍ෂේප කරමින් බන්දුල ගුණවර්ධන මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කර ඇත්තේ තමන් පක්‍ෂ මාරු කිරීමට අදහස් නොකරන බවයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය අතර ඇති වී තිබෙන විරසකය පිළිබදවද මෙම රැස්වීමේදී අදහස් පළ වි තිබෙනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේ පවසා ඇත්තේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සහ එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයන් එකිනෙකා විවේචනය කර ගනිමින් මේ දිනවල සිදුකරන්නේ රගපෑමක් බවයි.  ජනතා විමුක්ති පෙරමුණද මෙම රංගනයේ පාර්ශවකරුවෙකු බවද ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.

ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙණුව සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ. ජනාධිපතිවරයා උත්සාහ කරමින් සිටින්නේ මෙම ගණුදෙනුවේ වගකීමෙන් අග‍්‍රාමාත්‍යවරයා බේරා ගැනීමට බවද එහෙත් ඊට ඉඩ ලබානොදිය යුතු බවද මෙහිදි ප‍්‍රකාශ වී තිබෙනවා 

gossip lanka