gossip lanka

රටේ 80%කට නව මැතිවරණ ක්‍රමය ගැන අවබෝධයක්‌ නෑ

රටේ ඡන්ද දායකයන්ගෙන් සියයට අසූවකට වඩා වැඩි පිරිසකට නව මැතිවරණ ක්‍රමය පිළිබඳ අවබෝධයක්‌ නැතැයි පැෆරල් සංවිධානය පවසයි. ඇතැම් අපේක්‍ෂකයන්ට ද එ් අවබෝධය නැතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යෂක රෝහණ හෙට්‌ටිආරච්චි මහතා ඊයේ (5 දා) පැවසීය. පසුගිය දෙසැම්බර් 14 වැනිදා තෙක්‌ම වසර දෙකක කාලයක්‌ තිස්‌සේ පළාත් පාලන මැතිවරණ පනත වරින් වර සංශෝධනය වූ බවත් එම නිසා නව ක්‍රමය ගැන ජනතාවට දැනුවත් වීමට තිබූ කාලය අහිමි වී
ගිය බවත් පැවසූ හෙට්‌ටිආරච්චි මහතා එදිනෙදා වැඩමුළු හරහා ජනතාව අතර ගැවසෙන විට රටේ අති බහුතරයකට මෙම ක්‍රමය පිළිබඳව නිසි අවබෝධයක්‌ නැති බව තහවුරු වන්නේ යෑයි ද සඳහන් කළේය.

දේශපාලන පක්‌ෂ ද නව මැතිවරණ ක්‍රමය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට වැඩි උනන්දුවක්‌ නොදැක්‌වූ බව ද ඔහු කීවේය.

මැතිවරණ කොමිෂන් සභාව සහ පැෆරල් සංවිධානය වැනි ආයතන මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම හැකි අයුරින් ඉටු කළ බව ද ඔහු පැවසීය.

නමුත් ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා සරල බවත් ඡන්ද දායකයන්ට ඇත්තේ තමන් කැමැති පක්‌ෂයේ හෝ ස්‌වාධීන කණ්‌ඩායමේ 'ලකුණ' ඉදිරියෙන් කතිර සලකුණකින් ඡන්ද ප්‍රකාශ කිරීම පමණක්‌ බවත් ඔහු කීවේය.

එම නිසා ඡන්ද අවලංගු වීමේ අවදානමක්‌ නැතැයි ද ඔහු සඳහන් කළේය.



gossip lanka