gossip lanka

ලක්ෂ 17 ක් වු ආබාධිත පුද්ගලයින් මෙවර පුංචි ඡන්දෙ වර්ජනය කිරීමට සැරසෙයි

මෙරට ලක්ෂ දාහතක් වූ ආබාධ සහිත පුද්ගලයන්ගේ ඉල්ලීම්වලට කිසිදු රජයක් අවධානය යොමු නොකිරීම නිසා මෙවර පළාත් පාලන මැතිවරණය වර්ජනය කිරීමට ඡන්දය ප්‍රකාශ නොකර සිටීමට තීන්දුකර ඇති බව රැකියා විරහිත දෘශ්‍යාබාධිත උපාධිධාරී එකමුතුව කියා සිටිති.

රැකියා විරහිත දෘශ්‍යාබාධිත උපාධිධාරී එකමුතුවේ සභාපති එච්.එම්.ලාල්
පුෂ්පකුමාර සහ සාමාජික  එල්.ආර් .මධුසංඛ යන දෙදෙනා අද(09) විශේෂ මාධ්‍ය හමුවක් දඹුල්ලේ පවත්වමින් මේ බව ප්‍රකාශ කළේය.

මෙරට දෘශ්‍යාබාධිත උපාධිධාරී හැත්තෑවක් පමණ දෙනා සිටින බවත් තවත් තිස් දෙනකු පමණ ළඟදීම සිය උපාධිය අවසන් කිරීමට නියමිතව සිටින බවත් 2013 වසරේ සිට මෙම දෘශ්‍යා ආබාධිත උපාධිධාරින්ට රැකියා ලබා දෙන ලෙස ඉල්ලීම් කළ ද මෙතෙක් කිසිදු පාලන බලධාරියෙකු නිලධාරියකු අවධානය යොමු නොකිරීම නිසා දෘශ්‍යාබාධිත උපාධිධාරී දැඩි අසීරුතාවකට පත්ව සිටින බව ඔවුහු පවසති.

මේ හේතුව නිසා තමන්ගේ දුක් ගැනවිල්ල හෙට (10) දින මහනුවර ශ්‍රී  දළදා මාලිගාවේ වැඩසිටින දන්ත ධාතුන් වහන්සේට සැල කොට පසුව අස්ගිරි හා මල්වතු මහනාහිමිවරුන් වෙත ප්‍රකාශකොට යම්කිසි සාධාරණයක් ඉටුකර ගැනීමේ අවධානය යොමු කර ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ සංගමයේ සභාපති ලාල් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

සියලුම අධ්‍යාපන සුදුසුකම් සපුරා සිටියදීත් රැකියා සඳහා අවශ්‍ය සියලුම සුදුසුකම් සපුරා තිබියදීත් මෙරට ආබාධිත පුද්ගලයින් රාජ්‍ය නිලධාරීන් සිය රාජකාරිය ඉටු නොකිරීම නිසා බලවත් අසාධාරණයක් සිදුව ඇති බවත් මෙරට රාජ්‍ය නිලධාරීන් මෙරට ලක්ෂ දාහතට දාහතක් වූ ආබාධිත පුද්ගලයන්ට වඩා ආබාධිතයන් බව මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ  දෘශ්‍යාබාධිත රැකියා විරහිත උපාධිධාරී එකමුතුව සාමාජික මධුසංඛ මහතා කියා සිටියේ ආබාධිත පුද්ගලයන් සඳහා කිසිදු රජයක් සිය අවධානය යොමු නොකිරීම නිසා දක්ෂ ආබාධිත පුද්ගලයින් අද  දැඩි අසීරුතාවයකට පත්ව සිටින බවයි.

එමෙන්ම දෘශ්‍යාබාධිත වේවා ආබාධිත වේවා මෙම පුද්ගලයන් කිසිදු අයෙකුගෙන් සිගමන් යැදීමට සූදානම් නැති බවත් ඔවුන්ගේ හැකියාවට උගත්කම රැකියාව ඉල්ලා සිටින බවද සඳහන් කළේය.

එනිසා එළඹෙන පළාත් පාලන මැතිවරණය ලක්ෂ 17 ක  ආබාධිත සියලුම ජනතාව වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ නොකර වැළකී සිටින ලෙස දිවයින පුරා විසිරී සිටින ආබාධිත සංගම් දැනුවත් කරමින් යන බවද හෙතෙම සඳහන් කළේය.

මෙම රැකියා අපේක්ෂකයන්ට සාධාරණයක් ඉටු නොකළහොත් ඉදිරියේදී ආණ්ඩුවට මීට වඩා බරපතළ ප්‍රශ්නවලට මුහුණ දීමට හැකියාව තිබෙන බවත් ඒ සඳහා රටේම ඉන්න ආබාධිත පුද්ගලයන් පමණක් නොව ඔවුන්ගේ පවුල්වල ඥාතීන් පවා සංවිධානය කොට විශේෂ විරෝධතා මාලාවක් රට පුරා දියත් කරන බව ද මධුසංඛ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


gossip lanka