gossip lanka

2020 ක්‍රිකට් විස්සයි -20 ට දින නියම කරලා

වසර 2020 පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලානය සඳහා දින නියම වී තිබේ.

ඒ අනුව පිරිමි තරගාවලිය 2020 ඔක්තෝබර් මස 18 දා සිට නොවැම්බර්
15 දා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එයට කණ්ඩායම් 16ක් එක්වීමට නියමිතය.

එම වසරේ පෙබරවාරි 21 දා සිට මාර්තු 08 දා දක්වා කාන්තා තරගාවලිය පැවැත්වෙන අතර එයට කණ්ඩායම් 10ක් තරග කිරීමට නියමිතය.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර 8ක ක්‍රීඩාංගණ 13කදී තරගාවලිය පැවැත්වීමට නියමිත අතර කාන්තා මෙන්ම පිරිමි අවසන් මහ තරග මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා තරග වෙනම කාලයක් පිරිමි තරග වෙනම කාලයක් 2020 වසරේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම තරගාවලියේ තරග කාලසටහන ඉදිරියේදී එළිදැක්වීමට නියමිතය.



gossip lanka