gossip lanka

මිනිත්තු 10කට වරක් ලංකාවෙ රිය අනතුරක් වෙනවා !

ශ්‍රී ලංකාවේ සෑම මිනිත්තු 10කටම වරක් මාර්ග අනතුරක් සිදුවන බවත්, එම අනතුරුවලින් පුද්ගලයින් හතත් හයත් අතර ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වන බවත් සමීක්ෂණයකින් හෙළිව තිබේ.

කෙසේවුවද, මිනිත්තු 10කට වරක් සිදුවන අනතුරුවලින් වාර්තා වෙන්නේ
අනතුරු 30ක් පමණ බවද පැවසේ.

අනතුරුවලින් දිනකට 150ක් රෝහල්ගත වෙනවා - බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ

බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් සිරිවර්ධන මහතා කියා සිටින්නේ දිනකට මාර්ග අනතුරු හේතුවෙන් 150කට අධික ප්‍රමාණයක් රෝහල්ගත වන බවයි.

ඒ අතරින් ත්‍රීරෝද හා යතුරුපැදි අනතුරු හේතුවෙන් රෝහල්ගතවන පිරිස ඉහල අගයක් ගන්නා බවද ඔහු කියා සිටී.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පෙන්වාදෙන්නේ පසුගිය 2017 ජනවාරි 01 සිට 2017 ජුනි 30 දක්වා රිය අනතුරු 18,980ක් සිදුව ඇති බව ප්‍රකාශකරයි.

ඉන් 1473ක් මාරක රිය අනතුරු බවද හෙළි කරණ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ඒවායින් ජීවිතක්ෂයට පත් ගණන 1,547ක් බව කියා සිටී.

කෙසේවුවද එම අනතුරුවලින් 15,340ක් සුළු තුවාල ලබා ඇති බවත්, තවත් 4,062ක් බරතල තුවාල ලබා ඇති බවත් හෙළිකර තිබේ.

වසරකට මාරක අනතුරුවලින් 20,000ක් මැරෙනවා

පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය වසර 2012 සිට 2016 දක්වා නිකුත් කර ඇති මාරක රිය අනතුරු පිළිබඳ දත්ත සටහන මගින් වසරකට මාරක අනතුරුවලින් 20,000ක් පමණ මිය යන බව පෙන්වාදී තිබේ.
එම සටහනට අනුව රථවාහන පොලිසියේ අධ්‍යක්ෂ ඉන්දික හපුගොඩ මහතා කියා සිටින්නේ 2013 වසර අනෙක් වසරවල සාපේක්ෂව මාරක රිය අනතුරු අඩු වසරක් බවයි.

එම වසරේදී අනෙක් වසරවලට සාපේක්ෂව මෝටර් රථ ලියාපදිංචිය අඩුවීම හා අධිවේගී මාර්ග පද්ධතියක් නොවීම මාරක රිය අනතුරු අඩුවීමට හේතුවක් ලෙස සැලැකෙන බවද ඔහු කියා සිටී.

gossip lanka