gossip lanka

පොලිස් උපාය දූතයාට හොර අරක්කු විකුණයි…

නවගත්තේගම පොලිස් බල ප්‍රදේශයට අයත් නවගත්තේගම නගරය කේන්ද්‍රකර ගනිමින් බල පත්‍ර රහිතව රජයේ අරක්කු  අලෙවි කිරීමේ ජාවාරමක නිරත පුද්ගලයන් දෙදෙනෙකු සම්බන්ධයෙන් නවගත්තේගම පොලීසියට ලද තොරතුරකට අනුව කල වැටලීමකදී සැකකරුවන් දෙදෙකක් සමග මත්පැන් තොගයක් පොලීසිය විසින් සොයා ගන්නා ලදි.

මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් නවගත්තේගම
ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවත්, මොවුන් දැනට වසර ගණනාවක සිට බල පත්‍ර සහිත තැබෑරුම් ආශ්‍රිතව අලෙවි කරන රජයේ අරක්කු මිළට ගැනීමෙන් අනතුරුව වැඩි මුදලකට ජංගම අලෙවියේ නිරතව සිටින බවයි පරික්ෂණ පවත්වන නවගත්තේම පොලීසිය පෙන්වා දෙන්නේ.

අදාළ සැකකරුවන් සන්ථකයේ තිබී මෙලෙස අලෙවියට සූදානම්කර තිබූ රජයේ අරක්කු බෝතල් 5ක් අත්අඩංගුවට ගෙන අති අතර, අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් මීට පෙරද අවස්ථා කිහිපයදී පෙර වැරදි රැසක් සහිත පුද්ගලයින් බවත්, අධිකරණය මගින් මොවුන්ට අත්සිටු සිරදඩුවම් නියමවී තිබියදී මෙලෙස නැවතත් පොලිස් අත් අඩංගුවට පත්ව තිබූ බව කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් නවගත්තේගම පොලිස් පරික්ෂක දයාන් ඉන්ද්‍රජිත් මහතාගේ උපදෙස් මත නවගත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරිහූ පුළුල් පරික්ෂණ ආරම්භ කර තිබුණි.

අත්අඩංගුවට පත් අරක්කු නඩු භාණ්ඩ වශයෙන් ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

– පුත්තලම කේ.ප්‍රියංකර

gossip lanka