gossip lanka

දියයණියන් දැමූ නඩුවට එන්නැයි නලින්ට නොතීසි

ප‍්‍රවීණ ගායන ශිල්පී අභාවප‍්‍රාප්ත එච් ආර් ජෝතිපාලයන්ගේ දියණියන් සිව් දෙනා ගායන ශිල්පී නලින් පෙරේරාගෙන් රුපියල් මිලියන 10 ක වන්දියක් ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොණුකර තිබෙනවා. එම නඩුව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ලබන ජනවාරි මස අධිකරණයේ පෙනී සිටින ලෙසටයි නලින් පෙරේරාට නොතීසි නිකුත් කර ඇත්තේ.

නලින් පෙරේරා ඉකුත් ජනවාරි මස පැවති ප‍්‍රසංගයකදි බුද්ධිමය දේපළ
උල්ලංඝණය කරමින් සිය පියාගේ ගීත ගායනා කර ලාභ උපයා ඇති බවයි ජෝතිපාලයන්ගේ දියණියන් අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත්තේ. ලාභ ඉපැයීමේ කාර්යය තුළින් තම පවුලට සිදුවූ අගතිය හේතුවෙන් රුපියල් මිලියන 10 ක වන්දියක් සහ එම ගීත ගායනා කිරීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔවුන් මෙම නඩුකරයෙන් ඉල්ලා තිබෙනවා.


gossip lanka