gossip lanka

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වෙයි

2017 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කර තිබේ.

5 ශිෂ්‍යත්ව ප්‍රත්ඵල මත 2018 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේ දී සිංහළ හා දෙමළ මාධ්‍ය පාසල්වලට තීරණය වු අවම ලකුණු සීමාවන්
මෙලෙස ප්‍රකාශයට පත්කර ඇත.

මේ අනුව කොළඹ රාජකීය විද්‍යාලයට ලකුණු 187 ක් / මහනුවර ධර්මරාජ විද්‍යාලයට ලකුණු 186 ක් / කුරුණෑගල මලියදේව විද්‍යාලයට ලකුණු 186 ක් / කොළඹ ආනන්ද විද්‍යාලයට ලකුණු 184 ක් වශයෙන් සඳහන්ව ඇත.

එමෙන්ම කොළඹ විශාඛා විද්‍යාලයට ශිෂ්‍යත්ව සමතුන් ඇතුලත් කර ගැනීමේ කඩඉම් ලකුණු සංඛ්‍යාව 189 කි.

මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයට ලකුණු 186 ක් / කොළඹ දේවී බාලිකා විද්‍යාලයට ලකුණු 185 ක් / කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට ලකුණු 183 ක් ලෙසට ද ප්‍රකාශයට පත්කර ඇත.

කඩඉම් ලකුණු සම්පුර්ණ ලැයිස්තුව මෙතැනින්.මෙතැනින්.

දෙමළ පාසල්වල කඩඉම් ලකුණු ලැයිස්තුව මෙතැනින්

gossip lanka