gossip lanka

ගාල්ලේදී අපේක්ෂකයෝ ඡන්ද නීති කඩලා !

මෙවර 2018 පළාත් පාලන මැතිවරණය සදහා ගාල්ල දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ 8ක්ද, ස්වාධීන කණ්ඩායම් 08ක්ද නාම යොජනා ඉදිරිපත් කර තිබේ.

ඒ එජනිස, එජාප, ජවිපෙ, පොදුජන පෙරමුණ ආදි වශයෙනි.

මේ අතර. ගාල්ල දිස්ත්‍රික්කයේ නාමයෝජනා ඉදරිපත් කළ ඊයේ (21)
දිනයේ දී මැතිවරණ නීතිඋල්ලංඝනය කරමින් පක්ෂ කිහිපයක්ම කටයුතු කරනු දැක ගැනීමට හැකි විය.

පෝස්ටර් බැනර් ප්‍රදර්ශනය කිරිම්, ශබ්ධ විකාශන යන්ත්‍රි භාවිතා කිරිම, පෙළ පාළි හා මාර්ග අවහිර කිරීම් සිදු කරමින් මෙසේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සිදු කෙරුණි.

කෙසේවුවද, පොලිසිය පවසනු ලැබුවේ සාමකාමී අය්‌රරින් ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරිම සිදු වු බවයි.

සුනෙත් ගාල්ලගේ - ගාල්ල වාර්තාකරු

gossip lanka