gossip lanka

පුටින්ව ගෙදර යවන්න නවාල්නි එයි.

මීළග මාර්තුවේ රුසියාවේ පැවැත්වීමට සූදානම් ව සිටින ජනාධිපතිවරණයේදී ඔහුට එදිරිව ඇලෙක්සි නවාල්නි විසින් ඉදිරිපත් කළ නාම යෝජනා ඔහුගේ පක්ෂය විසින් අනුමත කර ඇත.

තම නාම යෝජනා අනුමත වීමෙන් පසු නවාල්නි පවසා සිටියේ රුසියානු ඉතිහාසයේ බිහිවූ නරකම ජනාධිපති වරයා පුටින් බවයි. රට පුරා නගර
20කදී සිය අනුගාමිකයින් හමුවූ නවාල්නි, පුටින්ට එරෙහිව සිය මෙහෙයුම සාර්ථකව කරගෙන යමින් සිටි.

නමුත් ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස නවාල්නිගේ පැමිණීම රට තුළ ගැටළු සහගත තත්ත්වයක් මතු කරමින් සිටියි. නාමයෝජනා ඉදිරිපත් කරන විට දේශපාලන දූෂණ ක්‍රියා සම්බන්ධව නීතියෙන් වැරදිකරුවකු වී සිටින නවාල්නිට ජනාධිපතිවරයා වන්නට යන ඔහුගේ දේශපාලන ගමනට බාධාවක් වනු ඇතැයි දේශපාලන විචාරකයන් පෙන්වාදෙයි. මැතිවරණ බලධාරීන් ද තවමත් ඔහු ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා සුදුසු අපේක්ෂකයෙකු වශයෙන් නම් කර නැත.

නමුත් මෙම විවේචන විචාර නවාල්නි විසින් ප්‍රතික්ෂේප කරන අතර ඔහු පවසන්නේ මේ සියල්ල සිය දේශපාලන ගමනට එරෙහිව සිය විරුද්ධ පාර්ශවයන් විසින් එල්ල කරනු ලබන අභූත චෝදනා බවයි. තවද තමන් දූෂණ චෝදනාවකින් වැරදිකරුවෙකු බවට පත්කරමින් ලබාදුන් අධිකරණ තීන්දුව සඳහා ද දේශපාලනමය බලපෑමක් තිබූ බව ඔහු පවසයි.

නොබෝදා මොස්කව් නුවරට රැස්වූ පිරිසක් අමතමින් නවාලිනි පවසා සිටියේ පුටින් විසින් රටේ දුප්පත් වැසියන්ගෙන් බලය ලබා ගෙන ඔවුන්ගේ මුදල් වලින් වසර 18ක් තිස්සේ සිය අපේක්ෂා ඉටු කරගත් අතර ඔහු දුප්පත් මිනිසුන්ට අයත් තෙල් ,ගෑස් ,ලෝහ සියල්ල පිට රැටියන්ට විකුණා දුප්පත් මිනිසුන් අන්ත දුගියන් බවට පත් කළ බවයි.

ඔහු තව වරක පවසා සිටියේ තමන්ට ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට අවස්ථාව නොලැබුණහොත් තමන් මෙවර මැතිවරණය වර්ජනය කරන බවයි.

ජෝසප් ස්ටාර්ලින් ජනාධිපතිවරයාට පසු සාර්ථක ලෙස ජනාධිපති ධූරය වැඩිම කලක් හෙබවූ ජනාධිපතිවරයා පුටින් වේ. ඔහුට එරෙහි අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම අලෙක්සි නවාල්හී හට ඇති විශාල අභියෝගයක් වනු නොඅනුමානය .

මීට පෙර 2011 වසරේදී පුටින් විරෝධී රැළියක් පැවැත්වීමට දඬුවම් ලෙස නවාල්නිට සිර ගත වීමටද සිදුව ඇත.

රුසියානු ජාතික රූපවාහිනිය සමග කරන ලද සාකච්ඡාවකදී නවාල්නි පවසා ඇත්තේ පුටින්ට මින් පසු කියන්නට කිසිවක් ඉතිරිව නැති බවත් ජනතාවට අවශ්‍යනම් පුටින් ඔහුගේ පොරොන්දු ඉටු කර ඇත්දැයි තහවුරු කර ගැනීමට අද වුවත් හැකි බවත් ඔහු ඔහුගේ පොරොන්දු ඉටු කර නැති අතර අනාගතයේද එසේ නොවනු ඇති බවත්ය.

කෙසේ වෙතත් පුටින් විසින් ලෝකයටද අභියෝගයක් වෙමින් වසර 18ක කාලයක් තිස්සේ ගෙන ගිය පාලනය මේ වන විට නවාල්නි විසින් අභියෝගයට ලක් කර ඇති අතර ලබන මාර්තුවේ පැවැත්වෙන ඡන්දය විසින් පත් කරන නායකයා මත ලෝක දේශපාලනයේද බොහෝ වෙනස්කම් සිදුවනු ඇති බව අපේක්ෂා කළ හැකි වේ.
-හංසනී සම්පත්


gossip lanka