gossip lanka

අල්ලස් හෝ දුෂණ කොමිසමේ නමේ වෙනසක් !

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම ඉදිරියේ දී අල්ලස් හෝ දුෂණ විමර්ශනය කිරීම සඳහා වන ස්වාධීන කොමිසම ලෙස නම් කිරීමට රජයේ අවධානය යොමු ව තිබේ.

සුවිශේෂී පුද්ගලයන් ලෙස නම් කොට ඇති පුද්ගලයන්ගේ වත්කම් හා බැරකම් පිළිබඳ වාර්තා පවත්වාගෙන යාමට හැකි වන ලෙස හා යම් විශේෂිත පුද්ගලයකු පිළිබඳව සිදු කරන විමර්ශනයක දී ඒ විමර්ශනය තනිව පැවැත්වීමට හැකි වන පරිදි අල්ලස් හෝ දුෂණ විමර්ශන පනතට නෛතික බලයක් ලබා දීමට ද රජය සූදානම් වන බව ද අනාවරණය වේ.

ඊට අමතරව මෙරට දී මෙන්ම විදේශීයන්හි දී ද අල්ලස් හෝ දුෂණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට හැකි වන පරිදි හා රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේ පුද්ගලයන්ට එරෙහිව ද විමර්ශන සිදු කිරීමට හැකි වන ලෙස පනතට සංශෝධන ඉදිරිපත් කිරීමට ද රජය තීන්දු කර ඇති බව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීම සඳහා පත් කර ඇති කමිටුවේ සාමාජික අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය.
gossip lanka