gossip lanka

කොළඹ සිඟන්නන්ට ජනවාරි 1 සිට වෙන්න යන දේ - (Video)

වෘත්තියක් ලෙස කොළඹ නගරයේ සිඟමන් යැදීම ජනවාරි 1 වැනිදා සිට තහනම් බව මහානගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ඊයේ (19) කොළඹදී පැවැති ප්‍රවෘත්ති
සාකච්ඡාවකදියි.


යාචකයින් පිළිබඳව අවදානය යොමු කරමින් ඔවුන්ගේ සංගණනයක් සිදු කළ බවත් ඔවුන් පුනරුත්තාපනය කිරීමට ක්‍රියාකරන බවයි අමාත්‍ය වරයා පැවසුවේ.

ඒ සඳහා විශේෂයෙන්ම නාගරික පුණ්‍ය කොමසාරිස්වරයා, අමත්‍ය එස් .බී දිසානායක මහතාගේ අමාත්‍යාංශය සහ දකුණු පළාත් සභාවත් එකතු වූ යාචකයින් පුනරුත්තාපනය කිරීමේ මධ්‍යස්ථානයක් ලක්ෂ 800 ක් වැය කර සාදන බවද ඒ මහතා පැවසීය. 

අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ,

‘මේ ජනතාව තවදුරටත් පාරවල්වල දුක් වි‍‍ඳිය යුතු නෑ. සංඛා ලේඛන අනුව 600කට ආසන්න ප්‍රමාණයක් කොළඹ නගරයේ හා ඒ අවට ප්‍රදේශවල කිසිවක් කරකියා ගත නොහැකිව ඉන්නවා.අධිකරණය වෙතින්ද අපි ඉල්ලා සිටින්නේ ඔවුන් අප වෙත භාර දෙන ලෙසයි. අපි ඒ අයව විධිමත් ලෙස පුනරුත්තාපනයට කටයුතු කරනවා.  යාචක වෘත්තීයේ නියෙලෙන අයගෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා එයින් ඉවත්වන්නට.“

gossip lanka