gossip lanka

නැව ගෙනාව තෙල් හොඳයිලු

ඊයේ (08) රාත‍්‍රියේ දිවයිනට පැමිණි පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් හතලිස් දහසක් රැගත් නෙවස්කා ලේඩි නෞකාවේ ඇති ඉන්ධන පිළිබඳ සිදු කළ පරීක්ෂාවේ වාර්තාව ලැබී තිබේ.

ඒ අනුව මූලික රසායනාගාර පරීක්ෂණ 2කින් එම නැවේ ඇති ඉන්ධන
ප‍්‍රමිති සහගත බව ඛනිජ තෙල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉන්ධන ප‍්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා තවත් අනු පරීක්ෂණ කිහිපයක් සිදු කෙරෙමින් පවතින අතර එම පරීක්ෂණවලින් පසු තෙල් ගොඩබෑම ආරම්භ කිරීමට නියමිතව ඇත. අනතුරුව අද දහවල් කාලයේදී තෙල් බෙදා හැරීමට නියමිතය.



gossip lanka