gossip lanka

ශ්‍රීලංකන් ගුවන් යානයක් නැග්ගූ සැනින් බස්සයි !

මගීන් 138 ක් සමග ඊයේ (13) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ගුවන්ගත වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානයක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් යළි ගොඩබෑමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා
පැවසුවේ, මෙරට සිට ඉන්දියාවේ මුම්බායි දක්වා පියාසර කළ යානයක් එලෙස යළි දිවයිනට පැමිණි බවයි.

ඊයේ රාත්‍රී 11.30 ට පමණ කටුනායකින් ගුවන්ගත වී ඇති එම යානය මිනිත්තු කිහිපයක් තුළ යළි ගොඩබස්වා ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රකාශ කළේ, එහි සිටි මගීන් වෙනත් ගුවන් යානයක් මගින් අද අලුයම යළි මුම්බායි දක්වා රැගෙන ගිය බවයි.


gossip lanka