gossip lanka

මොබයිල් එකෙන් ගෙදර සිට වැඩ කර ගත හැකි රටක් හදනවා..- අගමැති

රාජ්‍ය ආයතනවල පරිපාලන ක්‍රමවේදය ඩිජිටල් තාක්‌ෂණය සමග එකතු වීම ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‌ෂේත්‍රයේ විශාල ඉදිරි පියවරක්‌ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ලංකා රාජ්‍ය ජාලය එළිදැක්‌වීම නිමිත්තෙන් කොළඹ බණ්‌ඩාරනායක
ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය 07 වැනිදා පැවැති උත්සවයේදී අගමැතිවරයා එසේ කීය.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ අගමැතිවරයා මෙසේද කීවේය.

ශ්‍රී ලංකාව 1948 වසරේ නිදහස ලබා ගැනීමෙන් පසු පළාත් නවය පාලනය කිරීම සඳහා රජයේ ඒජන්තවරුන් නවදෙනකු පත් කර තිබුණා. එම පළාත් නවය යටතේ දිස්‌ත්‍රික්‌ක 20 ක්‌ බෙදා වෙන්කර තිබූ අතර එම දිස්‌ත්‍රික්‌ක පාලනය කිරීම සඳහා රජයේ නියෝජ්‍ය ඒජන්තවරුන් 20 දෙනකු පත් කර තිබුණා. ඒ වගේම එම ප්‍රදේශවලට ගම්මුලාදැනීන් පත් කර පාලන කටයුතු ගෙන ගියා. ගම්මුලාදැනීන්ගේ පාලන කටයුතු සඳහා සහයෝගය දැක්‌වීමට කොට්‌ඨාස ආදායම් නිලධාරීන් පත් කර තිබුණා. ඒ ආකාරයට ආරම්භ වූ රටේ පරිපාලන කටයුතු සඳහා අද වන විට රාජ්‍ය ආයතන තුන්දහසකට අධික ප්‍රමාණයක්‌ පිහිටුවා තිබෙනවා.

මීට වසර 40 කට පෙර මන්ත්‍රීවරයකු වශයෙන් මා බියගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය ආරම්භ කරන අවස්‌ථාවේදී එහි වැඩ කටයුතු සිදු කිරීම සඳහා ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සයික්‌ලෝස්‌ටයිල් යන්ත්‍රයක්‌ ඔවුන්ට ලබා දුන්නා. ඉන් කෙටි කලකට පසු විමධ්‍යගත අරමුදල් හරහා බියගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට මගේ මැදිහත් වීමෙන් ෆැක්‌ස්‌ යන්ත්‍රයක්‌ ද ලබාදුන්නා.

අද දිනයේ අප ආරම්භ කර තිබෙන “ලංකා රාජ්‍ය ජාලය” වැඩසටහන යටතේ මේ කිසිවක අවශ්‍යතාවකින් තොරව පරිපාලන කටයුතු තවත් පහසු වී තිබෙනවා. මේ වන විට ක්‍රමානුකූලව අප ඩිජිටල් තාක්‌ෂණයට ඇතුල් වෙමින් සිටිනවා. පුළුල් පරාසයක්‌ සහිත දත්ත සම්බන්ධතාවකින්, රටේ පැතිරුණුqq ප්‍රාදේශීය ජාලයකට රාජ්‍ය ආයතන සියල්ල එකතු කිරීම මෙම වැඩසටහන හරහා සිදු කෙරෙනවා. පරිපාලනයට ඩිජිටල් තාක්‌ෂණයට ඇතුළත් කිරීමේ මෙම වැඩසටහන සඳහා රාජ්‍ය ආයතන තුන්දහසක්‌ පමණ ඇතුළත් වනවා.

ග්‍රාම සේවා නිලධාරි මහත්වරුන්ට රාජකාරි කටයුතු සඳහා ටැබ්ලට්‌ පරිගණක ලබාදීමෙන් පසු “ලංකා රාජ්‍ය ජාලය” වැඩසටහන සම්පූර්ණ වනවා. ඒ ආකාරයට එළඹෙන වසරේ සිට ශ්‍රී ලංකාවේ පරිපාලන ක්‍ෂේත්‍රය ඩිජිටල් තාක්‌ෂණයට සම්බන්ධ කිරීම අපගේ බලාපොරොත්තුවයි. මේ සම්බන්ධයෙන් අත්හදා බැලීමක්‌ ලෙස ඇතැම් රජයේ කාර්යාල තෝරා ගෙන ඒවා තුළ මෙම වැඩසටහන ක්‍රියාවට නංවන බව අමාත්‍යතුමා මා සමඟ පවසා සිටියා. ඒ අනුව මේ වන විට පරිපාලනය සඳහා සම්පූර්ණයෙන්ම ඩිජිටල් තාක්‌ෂණයට සම්බන්ධ කිරීම අපගේ බලාපොරොත්තුවයි. මේ සම්බන්ධයෙන් අත්හදා බැලීමක්‌ ලෙස ඇතැම් රජයේ කාර්යාල තෝරා ගෙන ඒවා තුළ මෙම වැඩසටහන ක්‍රියාවට නංවන බව අමාත්‍යතුමා මා සමඟ පවසා සිටියා. ඒ අනුව මේ වන විට පරිපාලනය සඳහා සම්පූර්ණයෙන්ම ඩිජිටල් තාක්‌ෂණය යොදා ගන්නා රජයේ රෝහල් කිහිපයක්‌ම තිබෙනවා. මෙම වැඩසටහන ක්‍රමානුකූලව ඉදිරි වසර දෙක – තුන ඉදිරියට ගෙන යා යුතුයි. රටේ සංවර්ධනය වෙනුවෙන් එය ඉතා වැදගත් කාර්යයක්‌.

ඩිජිටල් තාක්‌ෂණය යොදා ගැනීම හරහා වසර 40 කට පසු පරිපාලන ක්‍රමවේදය වෙනස්‌ වන ආකාරය පිළිබඳව මට දැකගන්නට පුළුවන්. මෙය ශ්‍රී ලංකා සංවර්ධනයේ විශාල ඉදිරි පියවරක්‌. රටේ ජනතාවට තම නිවසේ සිට ජංගම දුරකථනය භාවිත කරමින් කටයුතු කර ගැනීමට අවශ්‍ය පසුබීම නිර්මාණය කළ යුතුයි. සංවර්ධනය වූ බොහෝ යුරෝපීය රටවල්වල මෙම තත්ත්වය දැකගත හැකියි. අපත් එම දියුණුව ළඟා කර ගත යුතුයි.

මෙම වැඩසටහන හා සමගාමීව එළඹෙන වසරේ සිට උසස්‌ පෙළ පාසල් දරු දැරියන්ට ටැබ්ලට්‌ පරිගණක ලබාදීමත් සිදු කෙරෙනවා. එසේ නම් වසර දෙකක්‌ වන විට ලක්‌ෂ පහක පිරිසකට ටැබ්ලට්‌ට්‌ පරිගණක හිමි වෙනවා. අප මේ සියල්ලම සිදු කරන්නේ මේ රට ඩිජිටල් තාක්‌ෂණයට සම්බන්ධ කරවීමටයි. එය අපේ රට නවීකරණය කිරීමේ විශාල පියවරක්‌.

2015 මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස තෝරා පත් කර ගනිමින් අප ජාතික ආණ්‌ඩුවක්‌ නිර්මාණය කළා. අප ආණ්‌ඩු බලය ලබා ගන්නා විට මේ රට විශාල ණය බරක සිරවී සිටියා. එළඹෙන වසර දෙක තුළ ශ්‍රී ලංකාවට රුපියල් කෝටි ලක්‌ෂ තුනක ණයක්‌ ගෙවීමට සිදුව තිබෙනවා. අනෙක්‌ අතට රටේ සංවර්ධනය වේගවත් කළ යුතු වන අතර, රටේ අපනයන නිෂ්පාදන ප්‍රමාණය වැඩි කරමින් ලෝක වෙළෙඳපොළේ තරග කිරීමත් අප සිදු කළ යුතුයි. වර්තමාන ගෝලීය ආර්ථිකය විශාල තරගකාරී මට්‌ටමකට පැමිණ තිබෙනවා. ඊට හේතු වූ ප්‍රධාන සාධකයක්‌ ලෙස ඩිජිටල් තාක්‌ෂණය හැඳින්විය හැකියි. එසේ නම් ශ්‍රී ලංකාව වැනි රටක්‌ ඉන් උපරිම ප්‍රයෝජන ලබාගත යුතුයි.

අපේ රටේ වටිනාම සම්පත වන මිනිස්‌ සම්පතට මෙම තාක්‌ෂණික පහසුකම් ලබාදීම හරහා ශ්‍රී ලංකාවට රටක්‌ ලෙස සීඝ්‍රයෙන් ඉදිරියට යා හැකියි. ඇඟලුම් කර්මාන්තය හරහා ශ්‍රී ලංකාව ලෝකයේ තරගකාරී වෙළෙඳපොළට පිවිස තිබෙනවා. ඇඟලුම් කර්මාන්තයෙන් පමණක්‌ නොව රටේ සෑම අංශයකින්ම අප එම තත්ත්වය ළඟා කරගත යුතුයි. මේ වන විට බොහෝ ආයතන සහ කර්මාන්ත ශාලා ඩිජිටල් තාක්‌ෂණය භාවිතයට ගනිමින් සිටිනවා. විශේෂයෙන්ම ස්‌ටාර් ගාමන්ට්‌ ආයතනයේ ජාත්‍යන්තර නිර්මාණ මධ්‍යස්‌ථානය විවෘත කිරීමට මීට සති කිහිපයකට පෙර මට අවස්‌ථාව ලැබුණා. ශ්‍රී ලාංකික ඇඟලුම් ආයතන කිහිපයක්‌ එක්‌ව ජාත්‍යන්තර නිර්මාණ මධ්‍යස්‌ථානයක්‌ ආරම්භ කරමින් ඒ හරහා ලෝකයටම නව ඇගලුම් නිර්මාණ සපයනවා. මෙය විශාල අවස්‌ථාවක්‌. ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තය තුළත් මෙම දියුණුව අප දැක තිබෙනවා. එමෙන්ම අප ලෝක ආර්ථිකය තුළ අගය වැඩි කර ගැනීමට ශ්‍රී ලංකාව තරගකාරී වේදිකාවක්‌ බවට පත් කළ යුතුයි.

එවැනි තරගකාරී වේදිකාවක්‌ බවට පත්වීමට ඩිජිටල් තාක්‌ෂණය භාවිතා කිරීම අත්‍යවශ්‍යයි. එ ආර්ථිකයට පමණක්‌ භාවිතා කිරීමෙන් සීමා විය නොහැකියි. අධ්‍යාපනයට, පරිපාලනයට ආදී සියලුම අංශයන් වෙත ඩිජිටල් තාක්‌ෂණය යොදා ගැනීම හරහා විශාල පරිවර්තනයක්‌ ඉදිරියේදී රට තුළ සිදු වෙනවා. ලෝකයේ අනෙක්‌ රටවල් තුළත් ඩිජිටල් තාක්‌ෂණය හේතුවෙන් නව දියුණුවක්‌ ඇති වී තිබෙනවා.

ලෝකයේ බොහෝ රටවල්වල ජනතාව එදිනෙදා බඩු භාණ්‌ඩ මිලදී ගැනීම පවා සිදු කරන්නේ තම ජංගම දුරකථනය හරහායි. අතීතයේ අපි නිවසට අවශ්‍ය කරන බඩු භාණ්‌ඩ මිලදී ගත්තේ ළඟම තිබෙන කඩමණ්‌ඩියෙන්. පසුව සුපිරි වෙළෙඳසැල්වලින් බඩු භාණ්‌ඩ මිලදී ගැනීමට පුරුදු වූ අපි දැන් අන්තර්ජාලය හරහා බඩු භාණ්‌ඩ මිලදී ගැනීමට පුරුදු වී සිටිනවා. ලෝකය දියුණු වන්නේ වෙනස්‌ වන්නේ ඒ ආකාරයටයි. අපට අවශ්‍ය ආපනශාලාවකින් කැමැති ආහාර වර්ග අන්තර්ජාලය ඔස්‌සේ ඇණවුම් කර නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව දැන් ඇති වී තිබෙනවා. මෙය ඩිජිටල් තාක්‌ෂණය ඔස්‌සේ සිදු වන පරිවර්තනයේ ආරම්භය පමණයි. තවත් වසර 10 – 15 කින් ශ්‍රී ලංකාව කෙතරම් පරිවර්තනයනට ලක්‌වේවි දැයි මට සිතා ගැනීමටත් අපහසුයි.

ඩිජිටල් තාක්‌ෂණය හරහා රටේ එවැනි විශාල පරිවර්ථනයක්‌ සිදුවීම ආරම්භ වී තිබෙනවා. එය දැන් ආර්ථික ක්‍ෂේත්‍රයටත් ඇතුළු වී තිබෙනවා. අප දන්නා කාලයේ ලොවපුරා කාමර විශාලම සංඛ්‍යාවක්‌ සහිත හෝටල් සමාගම වූයේ මැරියට්‌ හෝටල් සමාගමයි. නමුත් අද කාමර විශාලම සංඛ්‍යාවක්‌ තිබෙන්නේ අන්තර්ජාලය හරහා නවාතැන් පහසුකම් වෙන්කර ගත හැකි සමාගමටයි. එමෙන්ම අන්තර්ජාලය ඔස්‌සේ ප්‍රවාහන පහසුකම් සලසන ඹඉeර වැනි සමාගම්ද ඇති වී තිබෙනවා. වර්තමාන ලෝකයේ ප්‍රධානතම සමාගම් බවට පත්ව තිබෙන්නේ ඩිජිටල් තාක්‌ෂණය භාවිත කරන සමගාමීවීම විශේෂත්වයක්‌. ගූගල්, ඇමසෝන් වැනි සමාගම් ඊට හොඳම නිදසුන් ලෙස සැලකිය හැකියි.

ඒ ආකාරයට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට, පරිපාලනයට සහ එදිනෙදා වැඩ කටයුතු සඳහා ඩිජිටල් තාක්‌ෂණය යොදා ගැනීමෙන් විශාල දියුණුවක්‌, වෙනසක්‌ ඇති වෙනවා. මෙම “ලංකා රාජ්‍ය ජාලය” වැඩසටහන ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්‌ෂණ භාවිතයේ අතිශය වැදගත් පියවරක්‌ ලෙසයි මා දකින්නේ. ස්‌වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ එම අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම වැඩසටහන ආරම්භ කිරීම මූලිකත්වය ගන්නා ඉදිරි මාස කිහිපය තුළ සාර්ථකව මෙය ව්‍යාප්ත කිරීමට හැකිවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හරීන් ප්‍රනාන්දු අමාත්‍යතුමාට මා ප්‍රශංසා කළ යුතුයි. එතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන මේ වන විට අමාත්‍යාංශ ගණනාවක ආරම්භ කර තිබෙනවා. ඒ හරහා රාජ්‍ය සේවයේ නවීකරණයක්‌ ඇති වී තිබෙනවා.

මෙම නවීකරණය ඉදිරියේදී රටේ සියලුම අංශවල ඇති විය යුතුයි. හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල් තාක්‌ෂණය සඳහා යටිතල පහසුකම් දියුණු කිරීමට අපි වෙනම අමාත්‍යාංශයක්‌ ඇති කළේ එය අරමුණු කර ගෙනයි. ඩිජිටල් තාක්‌ෂණය හරහා අප බලාපොරොත්තු වූ එම දියුණුව තව තවත් ශීඝ්‍රයෙන් එම අමාත්‍යාංශය හරහා ඉදිරියේදීත් අපට ලබාදෙනු ඇතැයි මම විශ්වාස කරනවා. මෙම වැඩසටහන සඳහා සහයෝගය ලබාදෙන සියලු දෙනාට මම ස්‌තූතිවන්ත වනවා.

– divaina


gossip lanka