gossip lanka

පියා තියා ගීතා ගියා

ගීතා කුමාරසිංහගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයේ හිටපු අමාත්‍ය පියසේන ගමගේ, කතානායක කරූ ජයසූරිය ඉදිරියේ අද (10දා) දිවුරුම් දුන්නේය.

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීමත් සමග ඔහු එම මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීම සිදුවූ අතර, පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගෙන තිබේ.

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධූරයක් දැරිය
නොහැකි බවට අභියාචනාධිකරණය පළමුව තීරණය කළේය.

එම තීන්දුව අභියෝගයට ලක් කරමින් ගීතා කුමාරසිංහ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබූ අතර එහි තීන්දුව පසුගිය 2 වනදා ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ද අභියාචනාධිකරණයේ තීන්දුව යලි තහවුරු කළේය.


gossip lanka