gossip lanka

බීර මිල අඩුකිරීමට පාඨලීගේ විරෝධය

බීර මිල අඩුකිරීමෙන් නීති විරෝධී මත්පැන් (කසිප්පු) පාලනය කළ නොහැකි බවත්, එම මිල අඩු කිරීමෙන් සිදුවන්නේ රජයට ආදායමක් අහිමිවීම පමණක් බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

එමෙන්ම මෙම බීර මිල අඩුකිරීම දරුවන් හා කාන්තාවන් මත්පැන්වලට යොමුකිරීමේ පියවරක් විය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉලෙක්ට්‍රික් බස්රථ පොදු ප්‍රවාහන සේවයට හඳුන්වාදීම ද ප්‍රායෝගික
පියවරක් නොවන බව ඇමතිවරයා කීවේය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.


- ඩයනා උදයංගනී
gossip lanka