gossip lanka

යාපනේ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි !

යාපනයේ සිදුකර ඇති පහරදීම් සහ සමාජ විරෝධී ක්‍රියාවලට සම්බන්ධ ආවා කල්ලියේ බව කියන හයදෙනෙකු ඊෙය් (16) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් තවත් සෝදිසි මෙහෙයුම් කටයුතු කිරීමට යාපනය පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරින්ගේ නිවාඩු මේවන විට අවලංගු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

යාපනය මානිප්පායි සහ කෝපායි පොලිස් නිලධාරීන් එක්ව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් සමයේ එම ප්‍රදේශවල සිදුවු සිද්ධි සම්බන්ධයෙන් 39 දෙනකු අත්අඩංගුවට ගෙන ඉන් 25ක් ඇපමත මුදා හැර තිබේ.

ඊයේ අත්අඩංගුවට ගත් හය දෙනා අතර ඇප මත සිටින අයකුද ඉන්න බැවින් ඉකුත් දිනවල සිදුවු අපරාධවලට සම්බන්ධ අය ගැන සෙවීම සඳහා විශේෂ පොලිස් මෙහෙයමුක් ක්‍රියාත්මක කර නිවාඩු අවලංගු කර ඇත.

මෙම මෙහෙයුම හේතුවෙන් උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ නියෝග මත යාපනය පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන 9 කම රාජකාරියේ නිරත සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවද පැවසේ.
gossip lanka