gossip lanka

කුරුටු බලිගෑ නෝට්ටු දැන්ම මාරුකරගන්න !

සිතාමතා විකෘර්ති කරන ලද වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු ලබන දෙසැම්බර් 31 වැනිදායින් පසුව කිසිදු බැංකුවකින් ගෙවීම් නොකිරීමට තීන්දු කර තිබේ.

මේ සම්බන්ධයෙන් මේවන විට මහ බැංකුව විසින් ජනතාව දැනුවත්
කිරීමේ නිවේදනයක් ද නිකුත්කර ඇත.

ඒ අනුව එවැනි නෝට්ටු ඇත්නම් දෙසැම්බර් 31 වැනිදාට පෙර ළඟම ඇති බැංකුවකින් මාරුකර ගන්නා ලෙස මහ බැංකුව කියා සිටී.

ව්‍යවහාර මුදල් නෝට්ටුවක් මත ලිවීම, ඇඳීම, මුද්‍රා තැබීම, කැපීම හෝ හානි කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

gossip lanka