gossip lanka

බැඳුම්කර වංචාව හොයන කොමිසම අවට දැඩි ආරක්‍ෂාවක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයා බලන ජනාධිපති කොමිසම හමුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යන අද (20දා) දින කොමිසම පිහිටි පරිශ්‍රයට සහ අවට ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්‍ෂාවක් ලබාදීමට කටයුතු කර

ඇතැයි පොලිස් මූලස්ථාන ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියකු පැවැසීය. මේ
සඳහා පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායද යෙදවීමට කටයුතු යොදා ඇතැයි එම ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියා පැවැසීය.

අගමැතිවරයා කැඳවිය යුතු බවට කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා විසින් ඉකුත් 02 වැනිදා කොමිසම හමුවේ කළ විශේෂ ප්‍රකාශයක්‌ අනුව අගමැතිවරයා අද කොමිසම හමුවේ සාක්‍ෂි දීමට කැඳවා ඇත.

අගමැතිවරයාගෙන් මෙහිදී නීතිපතිවරයා විසින් ප්‍රශ්න කිරීමට නියමිතය.


gossip lanka