gossip lanka

ණය බරින් මිරිකුණු අතුරුගිරියේ කෝටිපතියා ලිපියක් ලියා තබා එල්ලී මියයයි...

අතුරුගිරිය පොලිස්‌ බල ප්‍රදේශයේ මාලබේ නිවසක්‌ තුළ (13) දා විදුලි පංකා සවි කරන කොක්‌කක එල්ලී කෝටිපති ව්‍යාපාරිකයකු සිය දිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසයි.

ණයබර උසුලා ගැනීමට නොහැකි බවට ලිපියක්‌ ලියා තබා මෙලෙස දිවි නසාගෙන ඇත්තේ තලාහේන මාලබේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ
හෙට්‌ටිඅප්පුහාමිලාගේ රංග සංජීව නමැති 38 හැවිරිදි එක්‌දරු පියෙකි.

 ළදරු නිෂ්පාදන භාණ්‌ඩ අලෙවි කරන වෙළෙඳ ආයතන ගණනාවක හිමිකරු වූ මියගිය අය අතුරුගිරිය කහංතොට පාරේ අළුබෝවත්තේ නිවසක්‌ රුපියල් 75,000 ක්‌ ගෙවා මාස තුනකට කුලියට ගෙන එහි තනිව වාසය කරමින් සිට ඇත. තලාහේන ප්‍රදේශයේ විවාහක බිරිඳ සහ දරුවා ජීවත් වී ඇත. තම සැමියා මියයන තුරුම මෙවැනි නිවසක්‌ කුලියට ලබාගෙන සිටි බව නොදැන සිටි බිරිඳ මෙම නිවසේ ජීවත් වූයේ කා සමඟ ද යන්න ගැටලු සහගත බව පොලිසියට පවසා තිබිණි.

 එමෙන්ම මෙම නිවසේ කුලී දීමනා කාලය අවසන් වීම හේතුවෙන් නිවෙස්‌ හිමිකරු තම පවුලේ සාමාජිකයන් සමඟ පෙරේදා (13 දා) රාත්‍රියේ මෙම නිවසට පැමිණ දොරගුළු විවෘත කර බැලීමේදී එක්‌ කාමරයක විදුලි පංකාව ගලවා බිම තබා එම ආධාරකයේ ලණුවක්‌ ගැටගසා මෙම ව්‍යාපාරිකයා එල්ලී මියගොස්‌ සිටිනු දැක ඇත.

පසුව 119 ඔස්‌සේ අතුරුගිරිය පොලිසිය දැනුවත් කර තිබිණි. පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව තලංගම දකුණ භාර හදිසි මරණ පරීක්‍ෂිකා ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය සහ පොලිසිය එම ස්‌ථානයට ගිය අතර එහිදී මියගිය අයගේ ඥතීන් මෙම මරණය සැක සහිත බව ප්‍රකාශ කළහ.

එහෙයින් ඒ සඳහා වැඩිදුර පරීක්‍ෂා කිරීමට මහෙස්‌ත්‍රාත් අධිකරණය ඔස්‌සේ කරුණු වාර්තා කරන ලෙස හදිසි මරණ පරීක්‍ෂිකා ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පොලිසියට නියෝග කළාය.


gossip lanka