ඉදිරි පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි 27 වැනිදා පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඒ සඳහා නාමයෝජනා කැඳවීම ලබන දෙසැම්බර් මුලදී ආරම්භවන බවද පැවසේ.
මේවන විට හවුල් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක සිය මැතිවරණ කටයුතු
වෙන වෙනම සිදු කිරීමද ආරම්භ කර තිබේ.
ඒ අතර ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රීලනිපය එකතු කිරීමට දෙපාර්ශවයේම පිරිසක් උත්සාහගනිමින් සිටී. කෙසේවුවද ශ්‍රීලනිප සංවිධායකයින් ඇතුළු පිරිසකගේ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නුදුරේදීම පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ද පැවසේ.
පුංචි ඡන්දය ජනවාරි 27 දා
2017-10-30T16:14:00+05:30
Gossip Lanka Hot News
slide|