gossip lanka

බඩු කෝච්චියේ බ්‍රේක් නැතිවී පසුපසට ධාවන වෙයි- මහා විනාශයක් නූලෙන් බේරේ

නාවලපිටියේ සිට කොටගල ඛණිජ තෙල් නීතිගත සංස්ථා තෙල් ගබඩා සංකිර්ණය දක්වා ඉන්ධන ප‍්‍රවහානය කළ දුමිරියක හදිසියේ තිරිංග පද්ධතිය ක්‍රියා විරහිත වීමෙන් ධාවනයවෙමින් තිබූ දුමිරිය පසුපසට ධාවනය වි තිබේ.

අද (10) අලුයම 3.00 ට පමණ හැටන් දුමිරිය ස්ථානයේ සිට කොටගල දුමිරිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කළ එම භාණ්ඩ ප‍්‍රවහාන දුමිරිය
හැටන් දුම්රිය ස්ථානයේ සිට මද දුරක් ධාවනය වන අතරතුර එම දුම්රියේ වැකුම් නළය පුපුරා ගොස් ඇත.

පසුව දුමිරිය මැදිරි සහ ඉන්ධන ටැංකි සහිතව හැටන් දුම්රිය ස්ථානය පසුකර දුම්රිය පසුපසට ධාවනය වනවාත් සමගම දුමිරියේ පසුපස ආරක්‍ෂක නිලධාරින් ගමන් ගන්නා මැදිරියේ තිබෙන අත් තිරිංග ක්‍රියාත්මක කර පසුපසට ධාවනය වු දුමිරිය නතරකර ගැනිමට හැකිවු බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසුවේය.

දුමිරිය කාර්මික දෝෂයට ලක්වන අවස්ථාවේ එහි ඩිසල් ලිටර් 11600ක් ප්‍රවහානයකර තිබේ.

හැටන් දුම්රිය ස්ථානයෙන් නාවල පිටිය දුමිරිය ස්ථානය දෙසට බෑවුම් සහිත නිසා දුම්රිය පසු පසට ධාවනය වි ඇති බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරින් පැවැසීය.

කාර්මික දෝෂයට ලක්වු දුම්රිය යථා තත්ත්වයට පත් කිරීමට දුම්රිය ඉන්ජිනේරු අංශයේ නිලධාරින්මේ වන විට කටයුතු කර තිබේ.



gossip lanka