gossip lanka

මගේ සිහිනය සැබෑ වුණා - තිසර

සෑම කී‍්‍රඩකයෙකුගේම එකම සිහිනය නායකයෙකු වීම බව ශී‍්‍ර ලංකා පන්දුවාර විස්ස කණ්ඩායමේ නායකත්වයට පත් තිසර පෙරේරා පවසනවා.

තමන්ට විස්සයි විස්ස නායකත්වය හිමි වීම පිළිබදව තමන් අතිශය සතුටට සහ ආඩම්බරයට පත් වන බවයි තිසර පෙරේරා පවසන්නේ.

තමන්ට ලැබී තිබෙන පන්දුවාර විස්ස කණ්ඩායමට එක්ව සිටින
කී‍්‍රඩකයින්ගේ දක්ෂතා ගැනද සතුටු වන බවයි තිසර කියා සිටියේ.

ඒ අතර ප‍්‍රහාරත්මක පිතිකරුවන් රැසක්ද සිටිනවා. මෙම තරගාවලිය විශේෂ තරගාවලියක්.

සිය කණ්ඩායම සමග එළැඹෙන පන්දුවාර විස්ස තරගාවලියේදී වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි තිසර කියා සිටියේ.

සිය කණ්ඩායම රට වෙනුවෙන් සිය උපරිම දායකත්වම මෙම තරගාවලියේදී දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද තිසර පෙරේරා කියා සිටියා.

පාකිස්ථානයේ ලාහෝර් නුවර  ගඩාෆි කී‍්‍රඩාංගණයෙය් පැවැත්වෙන අවසන් පන්දුවාර විස්ස තරගය පිළිබදවද තිසර පෙරේරා මෙහිදී අදහස් දැක්වූවා.

ඔහු කියා සිටියේ එරට ආරක්ෂක තත්වය පිළිබදව තමන් සෑහීමකට පත්වන බවයි. තමන් මීට පෙර පන්දුවාර විස්ස තරග 3කට ගඩාෆි කී‍්‍රඩාංගණයේදී සහභාගි වූ බවත්, එහි ආරක්ෂාව පිළිබදව සැකයක් නොමැති බවත් තිසර සදහන් කළා.

පාකිස්තාන ශී‍්‍ර ලංකා පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය ලබන 26 වැනිදාත්, දෙවන තරගය ලබන 27 වැනිදා අබුඩාබි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙනවා.

දෙරට අතර අවසන් පන්දුවාර විස්ස තරගය ලබන 29 වැනිදා පැවැත්වෙන්නේ ලාහෝර් නුවර ගඩාෆි කී‍්‍රඩාංගණයේදීයි.


gossip lanka